පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ අධ්‍යන කටයුතු පවත්වාගෙන යාම සඳහා සුදුසු පරිසරයක් නොමැති බවට ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම තුළින් ඒ බව මනාව ඔප්පුවන බවයි එම සංගමය සඳහන් කළේ.

විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් පවතින බව පෙන්වා දෙමින් පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කලා.

එය ලබන ඉරිදා දිනය දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2022/12/ARJUNA.mp3?_=1

මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඉන් නවදෙනකු ශාස්ත්‍ර පීඨයේ සිසුන් වන අතර තිදෙනෙකු විද්‍යාපීඨයට අයත්.

පසු පසුගිය දහ වැනි දා රාත්‍රියේ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවසට පහර දෙමින් එහි දේපළවලට ද හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට පැවසෙන සිසුන් දොළොස් දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත් අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් පියවර ගනු ලැබුවා.

ත්‍රස්තවාදී ක්‍රියාවන්වලට ඉඩ ලබා දිය නොහැකි බවයි ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා අවධාරණය කරන්නේ.

https://www.vnews.lk/storage/2022/12/ARJUNA_PARAKKRAMA.mp3?_=2

කෙසේ වෙතත් පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර පැවසුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ පුත්‍රයා බීමත්ව මෙම ගැටුම නිර්මාණය කල බවයි.

https://www.vnews.lk/storage/2022/12/CHAMOD.mp3?_=3

පහරකෑමට ලක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

https://www.vnews.lk/storage/2022/12/ATHULA.mp3?_=4

WhatsApp Group

Skip to content