තල් සංවර්ධන මණ්ඩලය 2017 වර්ෂයේදී වියදම් කර ඇති කෝටි 18 ක මුදලින් කෝටි 12ක්ම වැය කර ඇත්තේ සේවක පඩි නඩි ගෙවීමට බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ තල් සංස්ථාව මෝටර් රථ ඇතුළු උපකරණ මිලදී ගැනීමට 2017 වර්ෂයේ දී රුපියල් හය කෝටි පනස් අට ලක්ෂයක මුදලක් වැය කර ඇතැ බවයි.

මේවා මිලදී ගෙන ඇත්තේ අයවැය ලේඛනයේ ප්‍රතිපාදන නොමැතිව බවද එම වාර්තාව සඳහන් කරනවා.

එසේම තල් සංස්ථාවේ 2015 හා 2016 වර්ෂ සඳහාවූ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබූ බවද විගණන අංශ පෙන්වා දෙනවා.

බඳවා ගැනීමේ හා උසසවීම් පටිපාටියේ විධිවිධාන වලට පටහැනිව මණ්ඩලය නිලධාරීන් 8 දෙනකුට රුපියල් හතළිස් හය ලක්ෂයකට වැඩි වටිනා වැටුප් වර්ධක ලබාදී තිබූ බවද එහි සඳහන්.

මේ හේතුවෙන් එම නිලධාරීන් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාර අරමුදලට හැට දෙලක්ෂයකට වැඩි අතිරේක දායකත්ව මුදලක් ලබාදී තිබු බවයි විගණන නිලධාරීන් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content