සුනාමි ව්‍යසනය සිදුව අදට වසර 18ක් සපිරෙනවා.

මේ වී එෆ්. එම් ප්‍රවෘත්ති අංශය ඒ වෙනුවෙන් සැකසු විශේෂාංගයක්

https://www.vnews.lk/storage/2022/12/TSUNAMI-FEACHER-EDIT-.mp3?_=1

සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක කාලයක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යවසනයෙන් මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් ආපදාවට ලක්වූ අතර ඉන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 35,000ක් පමණ වන බව සඳහන්.

තවත් 5,000 ක පමණ පිරිසක් අතුරුදන් වූ අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක පවුල් 235,145ක පුද්ගලයින් 502,456 දෙනෙක් සුනාමි ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක්වුණා.

මේ අතර අදට යෙදෙන ”ජාතික සුරක්ෂිත දිනය” හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතයි.

ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

දිස්ත්‍රික් මට්ටමින් විවිධ ආපදා නිසා මෙරට මියගිය සියලුදෙනා සිහිපත් කරමින් ”ජාතික සුරක්ෂිත” දින වැඩසටහන ක්‍රියාත්මක වනවා.

WhatsApp Group

Skip to content