Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු හැඳුණුම්පත් නැති වූ අවස්ථාවලදී ඒ බව නොදන්වා යළි හැඳුණුම්පත් ලබා ගැනීමට ඉල්ලුම්පතක් යොමු කර ඇති නම් එම ඉල්ලුම්කරුගෙන් රුපියල් 2500ක දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇති බව සදහන්.

මේ අතර දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පළමු ඉල්ලුම්පත සඳහා ජාතික හැඳුණුපත නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් දෙවන වරට නැවත ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇති ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 250ක දඩ මුදලක් අය කිරීමටද තීරණය කර තිබෙනවා.

එමෙන්ම අවුරුද්දක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා නොගත් ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 2500 ක් ද, ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළ දින සිට මාස 6ක් ඉකුත්වීමට පෙර ජාතික හැඳුණුම්පත ලබාගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 2500 යක් ද , අය කෙරෙනු ඇති .

මේ අතර ව්‍යාජ ලේඛන හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඇතුළු පනතෙහි සඳහන් වන අනෙකුත් සියලුම වැරදි සඳහා රුපියල් 2500 ක්ද, වශයෙන් දඩමුදල් අයකරන බවයි පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව සදහන් කලේ .

WhatsApp Group

Skip to content