ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබදව පැවති අඩු පීඩන කලාපය, බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, දකුණු මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙය, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා, වර්ධනය වී තමිල්නාඩු පුදුවේරි වෙරළට ළඟාවීමේ හැකියාවක් පවතින බව,යි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එබැවින්, ඉදිරි පැය 24 තුළ කන්කසන්තුරේ සිට මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස, ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට තද සුළං ඇති විය හැකියි.

WhatsApp Group

Skip to content