Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජාතික හැඳුනුම්පත් සැකසීමට යොදා ගන්නා කාඩ්පත්වල හිඟයක් මතුව තිබෙනවා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කළේ ඒ අනුව පළමු වරට ජාතික හැඳුනුම්පත් අයඳුම් කරන පිරිසට හැඳුනුම්පත වෙනුවට මුද්‍රිත කඩදාසියක් නිකුත් කරන බවයි.

ඒ අනුව මෙම ලියවිල්ල දෙස් විදෙස් විභාග කටයුතු ඇතු`ඵ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සඳහා වලංගු වන බවයි ඒ මහතා කියා සිටියේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ජාතික හැඳුනුම්පත් සැකසීම සඳහා අවශ්‍ය කාඩ්පත් ලබන අගෝස්තු මාසයේ පමණ වන විට ආනයනය කිරීමට හැකි වනු ඇති බවයි.

කෙසේ වෙතත් යම් කිසි පුද්ගලයෙකු හට කාඩ්පතක් ලෙස සිය ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් මතු වුවහොත් පමණක් අදාළ ඉල්ලීම සලකා බලන බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content