Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී සිය පෙම්වතිය  ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලේ අදාළ තරුණයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද සවස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කෙරුණා.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් මෙම සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙලෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස මෙහිදී  ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට ද බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළා.

WhatsApp Group

Skip to content