මුදල් විශුද්ධිකරණ නඩුවක විත්තිකරුවෙක් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට අද ඇප නියම කළා.

ඇය නවදිල්ලි අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියේ අදාළ නඩුව සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර චෝදනා ගොනු කර ඇති නිසා තම භාරකාරත්වය අවශ්‍ය නොවන බව පවසමින්.

එමෙන්ම, පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා ඉන්දීය රුපියල් 50,000 ක පුද්ගලික බැඳුම්කරයක් මත අධිකරණ්‍ය ඇයට තාවකාලික ඇප නියම කළා.

ජැකලින් ෆර්ඩිනැන්ඩස්, ඉන්දීය රුපියල් කෝටි 200 ක කප්පම් චෝදනාවකට බන්ධනාගාරගතව සිටින සුකේෂ් චන්ද්‍රශේකර් ට එරෙහි නඩුවේ විත්තිකාරියක්.

ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණන් කප්පම් ගත් සුකේෂ් චන්ද්‍රසේකර්ගෙන් සුඛෝපභෝගී මෝටර් රථ, පෞද්ගලික ජෙට් චාරිකා, හෝටල් නවාතැන් ඇතුළු මිල අධික තෑගි ලබා ගත් බවට ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර, ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන ඒජන්සිය ජැකලින් ෆර්ඩිනැන්ඩස් ගේ නම ගුවන් තොටුපොලවල නිරීක්ෂණ ලේඛනයට ඇතුළත් කර ඇත්තේ, ඇය ඉන්දියාවෙන් පලායාමට උත්සහ කළ බවට විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුවයි.

WhatsApp Group

Skip to content