පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදු වූ දුම්රිය අනතුරක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද(15) පෙරවරු 9.30ට පමණ මීගමුව බලා පිටත් වූ දුම්රියක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේදීයි.
එම නිසා කුරණ සහ මීගමුව අතර දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බවයි අදාළ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

 

WhatsApp Group

Skip to content