Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මීටියාගොඩ ප්‍රදේශයේ පසුගිය 10 වැනිදා සිදූ වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකකරන ජෝන් කොල්ලා නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ(13) මීටියාගොඩ, මැටිවල ප්‍රෙද්ශයේ මුදලාලිගේ වත්ත කුරුඳු ඉඩමේ කරන ලද වැටලීමකදීයි.

පසුගිය 10 වැනිදා මීටියාගොඩ, මැටිවල ප්‍රදේශයේ පවුලේ ඥාතීන් අතර ඇති වූ ගැටුමකින් පසුව වෙඩි තැබීමක් සිදු කළ බවට සැකපිට එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 36ක් පමණ වන ජෝන් කොල්ලා නමැත්තා අදාළ කුරුඳු ඉඩමේ සැඟව සිටියදී අත්අඩංගුවටගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

සැකකරු සන්තකයේ තිබී බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ එම අවියට යොදන උණ්ඩ දෙකක්ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා මීටියාගොඩ පොලිසියට භාරදී තිබෙනවා.

WhatsApp Group

Skip to content