Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික්, පොලිතින් නිෂ්පාදන 7ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, අලෙවි කිරීම සහ දේශීය භාවිතය තහනම් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව ජූනි 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි එය තහනම් කිරීමට පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමි වුණා.

එක් වරක් භාවිතා කරනු ලබන ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් යෝගට් හැදි ඇතු`ඵව වරක් භාවිතා කර ඉවතලන පිඟන්, කෝප්ප, හැඳි, ගෑරැප්පු, පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කර ඇති ඉදිආප්ප වට්ටි මෙලෙස තහනම් වනු ඇති.

මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/02/BANDULA-GUNAWRDHNA-EDIT-01.mp3?_=1

WhatsApp Group

Skip to content