Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නීති විශේෂඥයෙකු විශේෂ විමර්ශකයෙකු වශයෙන් පත් කිරීමට ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඇමරිකා නීතිපති මෙරික් ගාලන්ඩ් පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට අදාළ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා නීති විශාරදයෙකු වන ජැක් ස්මිත් පත් කර ඇති බවයි. ජැක් ස්මිත් එරට හිටපු හමුදා ප්‍රධානියෙකු ලෙස කටයතු කර තිබෙනවා .

2020 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු සාමකාමී ආකාරයෙන් බලය හුවමාරු කිරීමට බාධා එල්ල කිරීම සම්බන්ධයෙන් පළමු විමර්ශනය සිදුවනු ඇති.

දෙවැනි සිද්ධිය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රජයේ දේපොළ වශයෙන් සැලකෙන රහසිගත ලේඛන සම්බන්ධයෙන් අයතා ආකාරයෙන් කටයුතු කිරීමයි.

WhatsApp Group

Skip to content