චේතන් ශර්මා ගේ ප්‍රධානීත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව නෙරපා හැරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නව තේරීම් කමිටු සාමාජිකයින් පස් දෙනෙකු පත් කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

රෝගේර් බිනි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් වීමෙන් පසුව ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගත් ප්‍රධානම තීරණය මෙයයි.

කෙසේ වෙතත් තමන් සිය ධූරවලින් ඉවත් කළ බවට වන දැනුම් දීමක් මෙතෙක් තේරීම් කමිටු සාමාජිකයින් වෙත ලැබී නොමැති බවයි ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

නව තේරීම් කමිටු නිළධාරීන් බදවා ගැනීම සදහා නිකුත් කළ මාධ්‍ය නිවේදනය තුළින් ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වත්මත් තේරීම් කමිටුව ඉවත් කළ බවට වන දැනුම් දීමක් සිදු කර නැහැ.

නව තේරීම් කමිටුවට අයදුම්පත් යොමු කරන පුද්ගලයින් අවම වශයෙන් ටෙස්ට් තරග 7ක් ක්‍රීඩා කර තිබීම හෝ පළමු පෙල තරග 30 ක් ක්‍රීඩා කර තිබීම හෝ එක්දින ජාත්‍යන්තර තරග 10ක් හා පළමු පෙල තරග 20ක් ක්‍රීඩා කර තිබීම අනිවාර්ය වනවා.

WhatsApp Group

Skip to content