අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටිව්ටර් ගිණුම සක්‍රීය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ට්විටර් සමාගම විසින් මිට මාස 22 කට පමණ පෙර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම තහනම් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඉලෝන් මක්ස් විසින් ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම මෙලෙස යළි සක්‍රීය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිය ට්විටර් ගිණුම හරහා සිදුකළ මත විමසීමකින් අනතුරුව ඉලෝන් මස්ක් විසින් අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම සක්‍රිය කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සක්‍රීය කළ යුතු බවයි.

WhatsApp Group

Skip to content