ඕස්ටේ්‍රලියාවේදී පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඇතැම් ක්‍රීඩා බලධාරීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

එම චෝදනා හේතුවෙන් ක්‍රීඩකයින් මේ වන විට දැඩි පීඩනයකට පත්ව සිටින බවද වාර්තා වනවා.

මේ අනුව ඒ පිළිබඳ දැනුම්වත් කිරීමට ජනාධිපතිවරයාගෙන් වේලාවක් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටයුතු කරමින් සිටින බවයි සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content