අද දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටීමට මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳව ලිඛිතව මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි ටිරාන් අලස් මහතා සඳහන් කළේ.

නිසි ක්‍රමවේදයක් යටතේ අදාළ කැඳවීම සිදුකර නොමැති බැවින් කොමිසම හමුවේ පෙනී නොසිටීමට ඔහු තීරණය කර තිබේනවා.

පසුගියදා කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාල අවට පැවැති උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලීසිය සහ ආරක්ෂක අංශ ක්‍රියාකළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා .

උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට පොලිස් නිලධාරීන් අනුගමනය කර තිබූ ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට අද දිනයේ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දැනුම් දී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කලා .

කෙසේ වෙතත් අදාළ කැඳවීම කොමිසමේ සභාපතිනිය ගත් තීරණයක් වන බැවින් සෙසු සාමාජිකයින් සිව්දෙනා ඒ පිළිබඳව නොදන්නා බවට වාර්තා පළ වී තිබුනා.

WhatsApp Group

Skip to content