Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද පළාත් හතරක වෛද්‍යවරුන් වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද උදෑසන 8.00 සිට බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කළේ.

අද දිනයේ විසඳුමක් නොලැබුහොත් හෙට දිනයේ ඉතිරි පළාත් පහේ රෝහල්ද මෙම වැඩවර්ජනය සඳහා එක්වන බවත් හෙට දිනයේද මේ සඳහා විසඳුමක් නොලැබුනහොත් ලබන 15 වනදා පෙරවරුවේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/03/HARITHA-ALUTHGE-EDIT-.mp3?_=1

මේ අතර හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තැපැල් සේවකයන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ, හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ වන බවයි.

ලංකාව පුරා පිහිටි තැපැල් කාර්යාල 653 ක් හා උපතැපැල් කාර්යාල 3610 ක සමස්ත සේවකයන් මෙම වැඩ වර්ජනය සමඟ එක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම බැංකු ,විදුලි ,අධ්‍යාපන ,ඉන්ධන ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් වැඩවර්ජනයක නිරත් වීමට තීරණය කට තිබෙනවා .

https://www.vnews.lk/storage/2023/03/WURTHIYA-SAMITHI-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content