ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් පුද්ගලික අංශයට විකිණීමට එරෙහිව ටෙලිකොම් එක්සත් වෘත්තීය සමිතිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා.

නීතිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය, ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ඇතුළු 34 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ සියයට 49 යි දශම 5 ක කොටස් පෞද්ගලික අංශයට විකිණීමෙන්, ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා බහුතරයක් ඉටු කරනු ලබන ආයතනය රජයේ පාලනයෙන් ගිලිහී යනු ඇති බවයි.

 

WhatsApp Group

Skip to content