Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසු ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඔහු මේ බව පැවසුවේ නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදියි.

නායකත්වයට සමුදීමේ තීරණය සම්බන්ධයෙන් තේරීම් කමිටුව දැනුවත් කළද මෙතෙක් ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවයි දිමුත් කරුණාරත්න කියා සිටියේ.

කෙසේ වෙතත් ඊළඟ තරගාවලියෙන් පසු නව නායකයෙකු හට අවස්ථාව ලබා දීමට තීරණය කළ බවද ඔහු පැවසුවා.

එමෙන්ම අද අවසන් වූ නවසීලන්තයට එරෙහිව දෙවන ටෙස්ට් තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා.

WhatsApp Group

Skip to content