Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කලා.

ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් පැමිණිල්ලක් ඉසිරිපත් කර තිබුනා.

එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම නියෝගය නිකුත් කර තිබෙනවා.

අදාළ තානාපති කාර්යාල වාර්තාව ලැබීමෙන් පසුව එම නඩුවට අදාළ නියෝග නිකුත් කිරීමට අධිකරණයට පහසු වන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ.

එතෙක් අදාළ තැනැත්තිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කිරීම සුදුසු නොවන බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම නඩුව පරික්ෂා කිරීමේදී ඊට අදාළ නියෝග නිකුත් කිරීමට නීතිපති උපදෙස් අවශ්‍ය නොවන බව තමන්ට පෙනී යන බවත් මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කල බව සඳහන්.

WhatsApp Group

Skip to content