දුරුතු පුර පසළොස්වක පොහොය අදයි.
බුද්ධ ශාසනයේ සුවිශේෂ සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනෙක සිදුව තිබෙනවා.
බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වන්නේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනයේදීයි.
සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.
එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු පුර පසළොස්වක පොහොය දින සිදු වූ තවත් විශේෂ සිදුවීමකි. එමෙන්ම බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය දිනේකයි.
දුරුතු පුර පසළොස්වක පොහොය නව වසරේ ප්‍රථම පොහොය වන අතර, ඒ නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content