රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ, සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍යය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවයි එමඟින් පෙත්සම්කරු කියා සිටින්නේ.

මේ හේතුවෙන් ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කොට එය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කර ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ඩයනා ගමගේගේ පුරවැසිභාවය පිළිබඳ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇති බව සඳහන්.

මේ අතර රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට විදේශ ගතවීම හෙට දිනය දක්වා තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 11 වනදා නියෝගයක් නිකුත් කළා.

නීතීඥ ගුණරත්න වන්නිනායක ඇතුළු කණ්ඩායමක් විසින් ගොනු කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුව යි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කළේ.

WhatsApp Group

Skip to content