සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ විශේෂ නියමු වැඩසටහනක් අද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා .

ඒ, පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම වෙනුවෙන් .

ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය වසර 40ක පමණ සිට කරන ලද එම ඉල්ලීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වුණා .

ඒ අනුව ,මෙම නියමු වැඩසටහනේ ප්‍රගතිය අනුව ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකත්වය දරන දිවයින පුරා සිටින ලක්ෂ 3කට ආසන්න පිරිසට ඉදිරියේ දී රියදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාව හිමි වනු ඇති.

WhatsApp Group

Skip to content