රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 26 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කළා .

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන්නා .

මේ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව පියවර ගැන්නැයි අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා .

ඒ අනුව ලබන ජනවාරී 17 වැනිදා අදාළ චෝදනා ගොනු කිරීමට පියවර ගන්නැයි අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට මෙලෙස නියෝග නිකුත් කර ඇති බව සදහන් .

WhatsApp Group

Skip to content