සමෘද්ධිලාභීන් ඇතුළු රජයේ ආධාර ලබන්නන් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා .

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ සමාජ සුබසාධන මණ්ඩලය එක්ව සමීක්ෂණය සිදුකරන බවයි.

අදාළ නාමාවලිය සංශෝධනය කිරීමට තීරණය කර ඇත්තේ, ආධාර ලැබිය යුතු පවුල් මගහැරීම සහ සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින් අදාළ මූල්‍ය ආධාරය ලබා ගැනීම ඇතුළු ගැටලු මුල් කරගනිමින් .

ඊට අදාළ මූලික ලියාපදිංචිය අවසන් කර ඇතැයි, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා .

ඒ අනුව යාවත්කාලීන කරන ලද නව ලේඛනය යටතේ ලියාපදිංච ඇති පවුල් සංඛ්‍යාව තිස් පන් ලක්ෂයක් වනවා .

WhatsApp Group

Skip to content