රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණය ඇයට පෙබරවාරි මස 17 වනදා දක්වා කල් ලබාදී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි කාන්තාවක් බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිමය හිමිකමක් නොමැති බවයි පෙත්සම්කරු පවසන්නේ.

ඒ අදාළ පෙත්සම අද කැඳවනු ලැබීමෙන් පසුවයි.

පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබුණේ ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ ලේඛන කිහිපයක් ලබාගෙන අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට දිනයක් ලබාදෙන ලෙසයි.

එය සලකා බැලූ අධිකරණ විනිසුරු මඩුල්ල ඒ සඳහා පෙබරවාරි මස 17 වනදා දක්වා කල් ලබාදුන්නා.

 

WhatsApp Group

Skip to content