පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීමකින් සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසක ගෑස් කාන්දු වීමකින් පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මියගිය පුද්ගලයින් අතර කුඩා ළමුන් සිව්දෙනෙකු ද සිටින බව සඳහන්.

පසුගිය සතිය තුළ ද බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් පුද්ගලයින් මියයාමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා.

WhatsApp Group

Skip to content