දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල අතරින් 61 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

පවතින උණුසුම් සහ කඩින් කඩ වැසි සහිත කාළගුණ තත්ත්වය ඩෙංගු මදුරු ව්‍යාප්තියට හේතු වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය අනාවරණ කළේ.

ඒ සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා මෙලෙස පැහැදිලි කිරීමක් කළා.

https://www.vnews.lk/storage/2023/05/DENGU-EDIT.mp3?_=1

2023 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 38,639 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මැයි පළමු වැනිදා සිට ඊයේ දක්වා ගෙවුණු දින 30 තුළදී පමණක් ඩෙංගු රෝගීන් 8,931 ක් හඳුනාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content