මන්නාරම, පල්ලිමුණ ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ඩෙටනේටර් සහ සේවා නූල් ලග තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුව ගත් බවයි පොලීසිය සදහන් කළේ.

මෙහිදී එක් පුද්ගලයෙකු ඩෙටනේටර් 23ක් සහ අඩි 24ක් දිග සේවා නූලක් සමගද, අනෙක් පුද්ගලයා ඩෙටනේටර් 100ක් සහ අඩි 46ක් දිග සේවා නූලක සමගද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 සහ 44 යන වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද මන්නාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content