නීල් චිත්‍රපට නිළියකට මුදල් සැපයීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙනවා.

2016 ජනාධිපතිවරණ සමයේදී ට්‍රම්ප්ගේ පුද්ගලික නීතිඥයෙකු නිල් චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියල්ස් වෙත කරන ලද ගෙවීමක් සම්බන්ධයෙන් දැනට වසර කිහිපයක් තිස්සේ පරීක්ෂණ සිදු වුණා.

ඉන් අනතුරුව නිව්යෝර්ක්හි මෑන් හැටන්හි අධිකරණයක් මගින් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා.

කෙසේ වෙතත් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම්ව සිටින අතර ඔහු පවසන්නේ තමාට එරෙහිව ඇති මෙම චෝදනා දේශපාලන අරමුණින් සිදුකළ ඒවා බවයි.

ඇමෙරිකා ඉතිහාසයේ මෙවන් චෝදනාවකට ලක් වූ පළමු හිටපු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි විදෙස් විශ්ලේෂකයන් පවසන්නේ.

WhatsApp Group

Skip to content