නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් යුතුව පළමු භූ කම්පනය හටගෙන ඇති බවයි .

ඉන් පැය දෙකකට පමණ පසු රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුතුව දෙවන කම්පනය හටගෙන ඇති බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.

භූ කම්පනය නේපාලයේ දිස්ත්‍රික්ක රැසකට දැනී ඇති අතර සුළු පසුකම්පන තත්වයක්ද වාර්තා වී තිබෙනවා .

ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා .

WhatsApp Group

Skip to content