Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බලපත්‍ර නොමැතිව මෙන්ම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව තහනම් උත්තේජක ඖෂධ වර්ග 1290 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලුතර දකුණ පොලිස් වසමේ සිදු කරන ලද වැටලීමකින් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

අදාළ සැකකරු 4, 5, 6, 7 සහ 8 යන ශ්‍රේණි සඳහා ගණිතය සහ විද්‍යා විෂයන්ට අදාළව උපකාරක පන්ති පවත්වන ලද ගුරුවරයෙකු බවටයි අනාවරණ වී තිබෙන්නේ.

ඔහු කළුතර විද්‍යාලයට මීටර 500 ක් පමණ දුරින් සිය බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු සමඟ කුලී පදනම මත පදිංචිව සිටින බවද සඳහන්.

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු කළුතර විද්‍යාලයේ ළමුන් ඉලක්ක කරගනිමින් මෙම මත්පෙති දීර්ඝ කාලයක සිට මුදලට ලබාදී ඇති බවට අනාවරණ වී ඇති අතර වැඩිදුර විමර්ශන කළුතර දකුණ පොලීසිය විසින් ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content