ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයින් 80 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොල වෙත අද දින පැමිණියා.

මෙම පිරිස මහනුවර බෙන්තොට සහ කොළඹ යන ප්‍රදේශවල සංචාරය කරමින් එම ප්‍රදේශවලට තිබෙන හෝටල් පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සිට සංචාරකයින් කැඳවා ගෙන ඒමට නියමිතයි.

මෙම සංචාරක නියෝජිතයෙකු ලෙස ප්‍රංශයේ ෆ්‍රැන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් 501 දරණ ගුවන් යානයෙන් මෙලෙස අද දින දිවයිනට පැමිණි බවයි අප ගුවන් තොටුපොල වාර්තාකරු කියා සිටියේ.

මේ අතර සංචාරකයින්ගෙන් 3 % ක් පමණ දියමත ලිස්සා යාමේ ත්‍රාසජනක ක්‍රීඩාවේ නිරත වීමේ අරමුණින් මෙරටට පැමිණෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content