Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්ධන මිල පහල දැමීමට සමගාමිව  ත්‍රීරෝද රථ ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කලේ අද  මධ්‍යම රාත්‍රියේ සිට  ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20කින් අඩු කිරීමට පියවර ගන්නා බවයි.

දෙවැනි කිලෝමීටරය රුපියල් 80කට ධාවනය කිරීමට අදාළ වෙනස් කිරීම් වහාම සිදුකරගන්නා ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බවද ඒ මහතා සඳහන් කළා.

හිතුමතේ ගාස්තු අයකරන ත්‍රීරෝද රථ නියාමනය සඳහා රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි  සුදිල් ජයරුක් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content