Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථානවල හා රට පුරා පිහිටි සුවිශේෂී ඵෛතිහාසික බෞද්ධ සිද්ධාස්ථානයන්ගේ ආරක්ෂාව මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කිරීම සම්බන්ධයෙනුයි මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත්තේ.

අදාළ ලිපියට අනුව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව පෙර අපර දෙදිග සම්භාවනාවට පාත්‍රව ඇත්තේ ථේරවාදී බෞද්ධ දර්ශනයේ කෝෂ්ඨකාගාරය ලෙස වන අතර දිවයිනේ සෑම ස්ථානයකම පවතින වෙහෙර විහාරස්ථාන රැක ගැනීමට බෞද්ධයින්ගේ වගකීම වනු ඇති බවයි.

දශක 3කට අධික කාලයක් පැවති බිහිසුණු යුධමය වාතාවරණය තුළ පවා සම්බුද්ධ ශාසනයේ සුරක්ෂාව උදෙසා දැඩි කැපවීමක් උතුරු හා නැගෙනහිර පළාත් තුළ භික්ෂූන් වහන්සේලා සිදු කළ බවටයි අදාළ ලිපියෙන් අවධාරණය කර ඇත්තේ.

එමෙන්ම උතුරු නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව බෞද්ධ ගම්මාන පිහිටා නොමැති වුවත් ඉතාමත් සීමිත දායක පිරිසක් විසින් එම විහාරස්ථානවල නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවටයි උන්වහන්සේලා අවධාරණය කර සිටියේ.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී එම ස්ථානවල ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවන්ගේ සුවේශේෂි දායක්ත්වයක් ලබා දුන්නද මේ වන විට එම දායකත්වය සිදු කිරීම සඳහා සිටි ආරක්ෂක අංශ ඉවත් කිරීම හේතුවෙන් සංවර්ධන කටයුතුවලට දැඩි හානියක් සිදු වී ඇති බවයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇත්තේ.

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපිය පහතින් දැක්වේ.

WhatsApp Group

Skip to content