Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස රුපියල් හතලිස් එක්දහස් හයසිය හැට හතට වැඩි මාසික ආදායමක් ලබන සියල්ලන්ගෙන්ම බදු පැනවීමට කටයුතු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් උපයන සියල්ලන් වෙත උපයන විට ගෙවන බද්ද මේ වන විට පනවා තිබෙනවා.

බදු අඩු කරන ලෙස ඉල්ලා ඉහළ ආදායමක් ලබන රාජ්‍ය සේවකයන් අතර දැඩි විරෝධයක් ද ඇති ව තිබෙනවා.

මේ හේතුවෙන් බොහෝ වියතුන් ක`ඵ පටි බැඳ ක`ඵ ඇඳුමෙන් සැරසි දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මෙන්ම සේවා ස්ථානවල විරෝධය පල කරමින් සිටිනවා.

මේ අතර උපයන විට ගෙවීම බදු සංශෝධන පනතට එරෙහිව වෘත්තීය සමිති බොහෝමයක් එක්ව ආණ්ඩුවට අනතුරු ඇඟවීමේ අවසන් උද්ඝෝෂණය එළඹෙන 30 වන දා කොටුව කාන් ඔරලෝසු කණුව ඉදිරිපිටින් ආරම්භ කරන බවයි ඒකාබද්ධ වෘත්තිය සමිති සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

WhatsApp Group

Skip to content