Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට කටයුතු කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ තැපැල් දෙපාර්තමේන්තුව සමග කෙටි කාලීනව ආයෝජනයක් සඳහා එක්වන ලෙසට පෞද්ගලික අංශයට ආරාධනා කරන බවයි .

තැපැල් දෙපාර්තමේන්තුවේ තෝරාගත් අංශ කිහිපයකට පමණක් පෞද්ගලික අංශයේ අදාළ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කලේ .

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ නව සමාගමක් අටක් පිහිටුවීමට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර නව පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ලංකා විදුලි බල මන්ඩලය වෙනුවට නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව පසුගිය සතියේ අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා .

ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති බව සදහන්.

එමෙන්ම මණ්ඩලයේ දැනට පවතින සාමාන්‍යධිකාරී තණතුර වෙනුවට මෙම සමාගම් 8 සඳහා නිසි බලධ්රියෙකු පත් කිරීමට නිර්දේශ ලැබී තිබෙනවා.

WhatsApp Group

Skip to content