ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අනුකමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබෙනවා.

නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් එම අනුකමිටුව පත්කිරීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

ප්‍රතිපත්ති ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය සඳහා ස්වාධීන වූ ආයතනයක් ලෙස පනතක් මගින් මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content