සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක පන්දුවාර විස්සයි විස්ස තරගය දැන් පැවැත්වෙනවා.

තරගය උදෑසන 06.30ට ආරම්භ වුණේ නවසීලන්තයේ ක්වීස්ටවුන් ක්‍රීඩාංගනයේදීයි.

කාසියේ වාසිය දිනු නවසීලන්තට පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර දෙවන තරගයේ ජය හිමිවුණේ නවසීලන්තයටයි.

ඒ අනුව අද තරගය ජය ගන්නා කණ්ඩායමට විස්සයි විස්ස තරගාවලියේ ජය හිමිවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයග්‍රහණය කළහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමක් නවසීලන්තයේදී විස්සයි විස්ස තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

WhatsApp Group

Skip to content