Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

භූ කම්පන කිහිපයකින් බලපෑම් එල්ල වූ තුර්කියේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව ද ඉදිරිපත්ව තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංග මහතාගේ උපදෙස් අනුවයි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

තුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 3,500 ආසන්නයට පැමිණ තිබෙනවා.

ගිනිකොනදිග තුර්කියේ සිරියාවේ දේශසීමා ආසන්නයේ ඊයේ හටගත් කම්පනය රිච්ටර් ඒකක 7.8 ක් ලෙස සටහන්ව තිබුනා.

ඉන් විනාඩි 11ක් ගතවන මොහොතේ වාර්තා වූ පසු කම්පනය සටහන්ව ඇත්තේ ඒකක 6.7ක් ලෙසින්.

සහන කටයුතු ක්‍රියාත්මක වන අතරතුර ඊයේ පස්වරු කාලයේද තුර්කියට තවත් ප්‍රබල භූ කම්පනයකින් බලපෑම් එල්ල වුනා.

ඇමෙරිකානු භූ විද්‍යා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කළේ එය මාපාංක 7.5 ක් ලෙස සටහන්ව ඇති බවයි.

ඊයේ දවස තුළ ගිනිකොන දිග සහ දකුණු තුර්කිය මෙන්ම උතුරුදිග සිරියාවේ කලාපවලින් පසු කම්පන 60ක් පමණ වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

භූ කම්පන හමුවේ තුර්කි සහ සිරියාවේ ප්‍රදේශ රැසක ගොඩනැගිලි කඩා වැටුනා.

විනාශ වූ මහල් නිවාස සංකීර්ණ ඇතුළු ගොඩනැගිලි සුන් බුන් අතර බොහෝ පිරිසක් සිරව ඇති බවයි වාර්තා වන්නේ.

තවාල ලබා ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 14 දහස ඉකමවා තිබෙනවා.

සයිප්‍රසය, ග්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය ඇතුලු රටවල් රැසකට ඊයේ ඇති වූ භූ කම්පනය වාර්තා වී තිබුනා.

තුර්කියේ සහ සිරියාවේ සහන කටයුතු සඳහා රටවල් රැසක් සහයෝගය ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා.

පවතින ආපදාව හමුවේ තුර්කිය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ජනතාවට ජංගම දුරකථන භාවිතයෙන් වළකින ලෙසයි එරට රජය ඉල්ලා සිටින්නේ.

ඒ මුදාගැනීමේ මෙහෙයුම්වල සන්නිවේදන කටයුතු සඳහා බාධා සිදුවීම වැළැක්වීම සඳහායි.

මෙය 1939 වසරෙන් පසු තුර්කියට බලපෑ දරුණුතම විපත බව තුර්කි ජනාධිපති රිචෙප් අර්ඩොගන් පවසනවා.

WhatsApp Group

Skip to content