Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පරිසරය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම මේ වනවිටත් සකස් කරමින් සිටින අතර වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවට” එක්වෙමින්

https://www.vnews.lk/storage/2023/02/HE.mp3?_=1

පරිසර අමාත්‍යාංශය සහ ගෝලීය හරිත වර්ධන ආයතනය විසින් මෙය සංවිධානය කර තිබුනා.

මෙම අවස්ථාවට ගෝලීය හරිත වර්ධක ආයතනයේ සභාපති සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතාද එක්ව සිටියා.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කලේ 14.5% ක් වන මෙරට කාබන් ප්‍රතිශතය 2030 වන විට අඩු කර ගැනීමට සැලසුම් කර ඇති බවයි.

දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයක් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර තිබෙනවා.

වසර 2030 වන විට මෙරට ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අරමුණයි.

එමගින් මෙගාවොට් 45ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමටත් හැකියාව ලැබෙනු ඇති.

නව කර්මාන්ත හා සේවා නව තාක්ෂණය මත පදනම්ව ඉදිරියට ගෙන යාමටත්, කෘෂි කර්මාන්තය නවීකරණය කිරීමටත් එමගින් හරිත ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කෙරෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

WhatsApp Group

Skip to content