Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලංකා අයි ඕ සී සමාගම, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 135 කින් ද අඩු වෙනු ඇති.

නව මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 333 ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 330 ක් වනවා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 365 ක් ලෙසයි. ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 310 ක් වනවා.

භූමි තෙල් සහ කාර්මික භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් අයි ඕ සී සමාගම ද සිදු කර නැහැ. ඊයේ මධ්‍යම රාත්‍රීයේ දී සිපෙට්කෝ ඉන්ධන මිල ද පහත දැමීමටයි බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරනු ලැබුවේ.

එමෙන්ම ඉන්ධන මිල ගණන් පහළ දැමුවද ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එහි සභාපති ලලිත් ධර්මසේන මහතා පැවසුවේ රුපියල් 7 කින් වැනි සු`ඵ මුදලකින් පෙට්ට්‍රල් මිල පහත දැමීම ගාස්තු වෙනස් කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.

https://www.vnews.lk/storage/2023/05/LALITH-DARAMASEKARA-EDIT.mp3?_=1

මේ අතර ඉන්ධන මිල ගණන් පහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයට
අදාළ ගණනය කිරීම් සිදු කරන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඩීසල් මිල රුපියල් 15 කින් පහත දැමුවද බස් ගාස්තුවේ කිසිදු වෙනස් සිදු නොකර බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

මේ ඉන්ධන මිල අඩු වීම සම්බන්ධයෙන් ජනතාව දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2023/05/JANATHAWA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content