Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.

ඔහු සමග දුත පිරිස විසි දෙදෙනෙකු පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

ඉන්දුනීසියාවේ පැවති ජි – 20 සමුළුවට සහභාගී වී නැවත සියරට බලා යන අතරතුරදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපොළේ තිබෙන විශේෂ ආරාධිත අමුතන්ගේ පර්යන්තය වෙත කැඳවා එනු ලැබුවා.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහු පිළිගැනීමෙන් පසුව ජනාධිපතිවරයා සහ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශවීය සබඳතා සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.

මෙම සුහද හමුවෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා හට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරි නමා තිබුණා.

මෙම අවස්ථාවට මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්, ජනාධිපති පුද්ගලික ලේකම් සෑන්ද්‍රා පෙරේරා, හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ ඇතුළු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්ම මහත්මීන් එක්ව සිටියා.

මෙම කෙටි සංචාරය නිම කරමින් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා යළි දකුණු අප්‍රිකාව බලා ඊයේ රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව ගියා.

WhatsApp Group

Skip to content