ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනකට අද ඇප මුදල් තැම්පත් කරන බව එම පක්ෂය පවසනවා.

කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අද පෙරවරුවේ ද, පුත්තලම දිස්ත්‍රික්කයට අද පස්වරුවේ ද, ඇප මුදල් තැම්පත් කරන බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.

මේ අතර දමිල ප්‍රගතිශිලි සන්ධානය සමගි ජනබලවේගය සමග සන්ධානගත වි පළාත් පාලන මැතිවරණයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා .

එම මැතිවරණයෙන් සමගි ජනබලවේගය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බව ද ඔහු සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/01/MANO-GANESHAN-EDIT-.mp3?_=1

එමෙන්ම පළාත් සභා මැතිවරණය නොව මහා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව පුජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් උන්වහන්සේ මේ බව පැවසුවා.

https://www.vnews.lk/storage/2023/01/OMALPE-SOBITHA-HIMI-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content