ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක්, අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම කොමිසමේ පැවසුවේ,පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව කොමිසමේ කාර්යභාරය සහ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම රැස්වීම පැවැත්වෙන බවයි.

මේ අතර ජාතික මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර හමුවක් අනිද්දා පැවැත් වීමට නියමිතයි .

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිරීක්ෂණ සංවිධාන සහ කොමිසම අතර පැවැත්වෙන පළමු හමුව එය වන බවයි .

එහිදී මැතිවරණ නීතිය, මැතිවරණ පවත්වන ආකාරය පිළිබඳව සහ ගැසට් නිවේදන පිළිබඳව සාකච්ජා කෙරෙනු ඇති.

මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරි දින කිහිපය ඇතුළත අධිකරණ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content