Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

11 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිමිනම දැරියගේ මව සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර හිමිනමට අයත් මහල් නිවාසයක ඇය සමග මත්පැන් පානය කොට මෙම දැරියට අතවර කර ඇති බව වාර්තා වනවා.

දින දෙකක් මෙලෙස දැරිය අපයෝජනයට ලක්වී තිබුණද මව විසින් දැරියට මෙම සිද්ධිය කිසිවෙකුට නොපවසන ලෙස බැන වැදී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් දැරිය සිය පියාට හා මිත්තණියට සිද්ධිය පැවසීමෙන් පසුව පියා පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි ගල්කිස්ස කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය අදාළ හිමිනම සහ සිද්ධියට අනුබල දුන් මව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම හිමිනම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ බෞද්ධ කටයුතු උපදේශක ලෙස තනතුරු දරා ඇති බවද සඳහන්.

WhatsApp Group

Skip to content