සමගි ජනබලවේගයේ තනතුරු කිහිපයක වෙනසක් සිදුකර තිබෙනවා.

මෙම නව වෙනස්කම් සිදුකර ඇත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟතාවය මතයි.

ඒ අනුව පක්ෂයේ නව නියෝජ්‍ය ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත් කළා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාද සමගි ජනබලවේගය පක්ෂයේනව තනතුරක් හිමි වුණා.

ඒ අනුව ඔහු පත් කර ඇත්තේ පක්ෂයේ නියෝජ්‍ය භාණ්ඩගාරික ධුරය සඳහායි.

මේ අතර පක්ෂය හැර ගිය පුද්ගලයන් අමාත්‍ය ධුර වෙනුවෙන් රැවටීමකට ලක්ව ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

https://www.vnews.lk/storage/2023/05/RANJITH-MADDUMABANDARA.mp3?_=1

WhatsApp Group

Skip to content