Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දික්වැල්ල – වලස්ගල දෙමටපිටිය මංසන්ධියේදී නාඳුණන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 වර්ගයේ ගිනි අවියකින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඔහු දික්වැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතර මහ රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙමටපිටිය ප්‍රදේශයේම පදිංචි 47 හැවිිරිදි පුද්ගලයෙක්.

මොහු දෙමටපිටිය මංසන්ධියේ බුලත්කඩයක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඊයේ රාත්‍රියේ වෙළඳසැල වසා නිවසට යමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවුණා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

WhatsApp Group

Skip to content