උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා .

අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ, අධ්‍යාපන අමාත්‍ය සිසිල් ප්‍රේමජයන්ත මහතා විසින් .

එම ගැසට් නිවේදනයට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ යටතේ ඇති සියලු‍ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය යන ආයතන උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට පවරා තිබෙනවා .

WhatsApp Group

Skip to content