Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාව සඳහා යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පැකේජයට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වීම පිළිබඳ මෙහිදි අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට සිය ස්තුතිය පල කර තිබෙනවා.

එහිදි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් හැකි ඉක්මනින් ගොඩ එනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සාර්ථක කර ගැනීමට හැකි සෑම ආකාරයෙන්ම සහාය ලබා දීමට සූදානම් බව එස්. ජයිශංකර් මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන වත්මන් ගනුදෙනු මඟින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වෙනසක් ඇති කොට අතිරේක මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වන අයුරින් ශ්‍රී ලංකාවට වඩාත් තිරසර මූල්‍ය කළමනාකාරිත්වයේ මාවතකට පිවිසීමට හැකි වනු ඇතැයි ඉන්දියාව විශ්වාස කරන බව එස්. ජයිශංකර් මහතා එහිදි කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් වෙනුවෙන් පෙළපොත් මිලියන 19ක් මුද්‍රණය කිරීමට ඉන්දියාවේ සහාය ලබා දීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරයාට සිය ස්තුතිය පළ කර තිබෙනවා.

එමෙන්ම පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය ණය ක්‍රමය යටතේ සහාය බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මෙහිදි ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා කැලණි වැලි දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීමටත් විදුලිබලයෙන් ධාවනය කරන බස් රථ නිපදවීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ යෝජිත හවුල්කාරිත්ව ව්‍යාපෘතිය පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බවයි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා එහිදි සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content